ශ්‍රී ලංකා ක්‍රිකට් LPL ගැන ගත් තීරණය

ශම්මි සිල්වා මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බව පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (22) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, ඉදිරියේ දී මෙම ධූරය භාරගන්නා කණ්ඩායම තීරණය කරන්නේ සාමාජිකයින් විසින් බව ද ඔහු ප්‍රකාශ කළා.
“මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා තමයි ICCය ඒ රැස්වීමේ දී කිව්වේ. විනාඩි 45ක් විතර මේ ප්‍රශ්නය ගැන කතා කළා.”
“ICCය තද තීරණයක් ගත්තේ. ක්‍රිකට් අපිට ගහන්න දෙන්න. නැත්තම් අපි සම්පූර්ණයෙන් වැටෙනවා කියලා මම කිව්වා.”
“අපි අවුරුද්දක් තිස්සේ ලියුම් යැව්වා. අපි බැඳිලා ඉන්නේ ICC එකට.”
“මෙහේ ආපු ඉම්රාන් කවාජාත් කතා කළා. මේ තීන්දුව දුන්නේ මේක තනිකරම දේශපාලන බලපෑම් කියලා ඒ අයට තේරුණ නිසා කියලා කිව්වා.”
“කොහොම වුණත් මේක ලංකාවට ලොකු පාඩුවක්. මම ඇරෙන්න මුළු ICC එකම තීරණය කළා අපිව තහනම් කරන්න.”
“ICC පිළිගන්නේ මාව සහ අපේ බෝඩ් එක කියලත් ඒ අය තීරණය කළා.”
“ඇමති කියනවා කාරුණිකව ඉල්ලුවා කියලා. දැන් ඒක දාමරිකත්වයට හැරිලා තියෙන්නේ.”
“අපි හොරු කියලා ඔප්පු වුණොත් අපි යන්න ලෑස්තියි.”
“ක්‍රිකට් තහනම් කළාත් අපිව තහනම් වෙලා නැහැ. අපිට වැඩ කරගෙන යන්න පුළුවන්.”
“විපක්ෂ නායක හිතනවාද දන්නේ නැහැ මම ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා. එයාගෙන් අහන්න මොකක්ද ප්‍රශ්නය කියලා.”
“අපේ 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය සහ ආසියානු කුසලානය යන තරගාවලි දෙකටම ක්‍රීඩා කරනවා.”
“මුළු ක්‍රිකට් එකම කන්න යන එක නාකි වෙච්ච ලෙජන්ඩ් කෙනෙක් ඉන්නවා.”
“මේ ලෝක කුසලානය කඩාකප්පල් කළෙත් ඇමති සහ ඔය ලෙජන්ඩ් කියන එක්කෙනයි තමයි. මම නම කියන්නේ නැහැ.. හැමෝම දන්නවා නේ.”
“දැන් අපි ගාව ඩොලර් මිලියන 30ක් තියෙනවා. අපි දැන් මේක හොරකම් කරලද?. මේක බලාගෙන මෙතනට එන්න ඉන්න හොරු සෙට් එකක් ඉන්නවා. අතීතයේත් ඒක වුණා.”
“මම ICCයට යවපු ලියුම් දැන් මාධ්‍ය තුළ තියෙනවා. දැන් ඒවා එළියට ඇවිත්. ඒ රාහස්‍ය භාවයක් තියෙන ලියුම්. ඒවා එළියට දාන්න බැහැ.”
“මම එකක් කියන්නම් මෙතනින් එහාට මම මෙතන ඉන්නේ නැහැ. වෙන කට්ටියට දෙන්න ඕනේ. ඒක සාමාජිකයෝ තීරණය කරයි. දේශපාලකයින්ට ඒක තීරණය කරන්න බැහැ.”
“ඕන කෙනෙක් ඉස්සරහ දොරෙන් එන්න. පිටිපස්සේ දොරෙන් එන්න බැහැ.”
තහනම පනවා තිබුණ ද මේ වසරට ලැබීමට නියමිත ගෙවීම් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන බව මෙහි දී පැවසුවා.
LPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවශ්‍ය අවසර ලබාගෙන ඇති බව ද ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මෙම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් සඳහන් කළා.
එම තරඟාවලිය සඳහා වසරක් පාසා අවසර ගැනීමට අවශ්‍ය නොමැති බව ද එම නිලධාරින් ප්‍රකාශ කළා.

