අධික වැසි තත්ත්වයත් සමඟ ගංගා රැසක ජල මට්ටම් ඉහළට

පවතින අධික වැසි තත්ත්වයත් සමඟදිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම දෙපාර්තමේන්තුව අද රාත්රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි.
එසේම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළයමින් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

