යතුරුපැදිකරුවෙකු අතුරුදන්

යතුරුපැදිකරුවෙකු අතුරුදන්

කොස්ලන්ද – බලහරුව – අලුත්වෙල ප්‍රදේශයේ කුඩා ඔය හරහා ඇති අලුත්වෙල පාලම මතින් ගමන්ගත් යතුරුපැදිකරුවෙකු සැඩපහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ උමා ඔය ව්‍යාපෘතියේ සේවකයෙකු වන මොහු වැඩ අවසන් කර නිවසට යමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

ඇතුරුදන්ව ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොස්ලන්ද පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී යතුරුපැදිය පාලමේ සිට කිලෝමීටරයක් පමණ දුරින් තිබිය දී සොයාගෙන ඇතත් අතුරුදන් පුද්ගලයා පිළිබද තවමත් කිසිදු තොරතුරක් ලැබී නෑ.

COMMENTS