හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
එරට නඟර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත්තේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි.
උතුරු චීන ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, චීන බලධාරින් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍ය වාර්තා කළා.

