වසර 10කින් සමනළවැව වාන්දමයි

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වන විට සියයට 90 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව සමනලවැව ජලාශය වසර 10කට පසු වාන් දමමින් පවතිනවා.
ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ විමලසුරේන්ද්‍ර ජලාශ මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට කාසල්රි ජලාශයේ වාන් දොරටු 13ක් අගල් දෙකහමාර බැඟින් විවෘත කර ඇති අතර, ඒ සමඟම ඊට පහළින් පිහිටි විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීම ආරම්භ කෙරුණා.
කාසල්රි ජලාශය මෙලෙස වාන් දමන්නේ, වසර 3කට පමණ පසුවයි.
මෙම ජලාශ වාන් දැමීමත් සමඟ කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට අඩි 3ක් දක්වා ආසන්න වී තිබෙනවා.
විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය ද මේ වන විට උපරිම මට්ටමෙන් සිදු කෙරෙන බවයි.
වලවේ ගග පිටාර ගැලීමෙන් බෝලාන දකුණ, මැලේකොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ජලයෙන් යට වී ඇති අතර පවතින ඟංවතුර හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් කිහිපයකට ද නිවාඩු ලබා දී තිබෙනවා.
වලවේ ගග රක්ෂිත ප්‍රදේශයේ නිවාස බොහෝමයක් ජලයෙන් යටවුණා.
අම්බලන්තොට රජයේ රෝහලට ද ගංවතුර පැමිණීමේ අවදානමක් පවතින හෙයින් නේවාසික රෝගීන් හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවීමටයි පියවර ගෙන තිබෙනවා.
වැල්ලවාය – අලිකොටයාර ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇති අතර, මේ හේතුවෙන් කිරිදි ඔය දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළා.
අත්තනගලු ඔයේ විශාල ඟංවතුර අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කැළණි, කළු,නිල්වලා, යන ගංඟා වල සහ මහඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි.
අත්නගලුඔයේ අතු ගංඟාවක් වන වේයන්ගොඩ දී ඇල්ල ඔය පිටාර ගැලීමෙන් වේයන්ගොඩ, ගොඩවෙල ඇතුළු ගම්මාන ජලයෙන් යටවී තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නිකුත් කළ නායයාමේ අනතරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

