අයහපත් කාලගුණ‍යෙන් ජීවිත 04ක් අහිමි වෙයි

අයහපත් කාලගුණ‍යෙන් ජීවිත 04ක් අහිමි වෙයි

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ පස් කඳු කඩා වැටීම් සහ අකුණු සැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

අකුණු සැර වැදීමෙන් ගල්පාත, බටගොඩ, ගහලවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

හාලිඇල, උඩුවර, 6 කණුව ප්‍රදේශයේ නිවසක කොටසකට පස්කන්දක් කඩා වැටීමෙන් මියගිය තරුණියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23)සිදු කෙරුණා.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20ක සහ වයස අවුරුදු 22 ක ඥාති සහෝදරියන් දෙදෙනෙක්.

COMMENTS