නඩුවට ගිය වියදම ධනුෂ්කට ගන්න සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු රජයේ පාර්ශ්ව ගොනුකර තිබූ නඩුව සම්බන්ධව සැලකිය යුතු ගැටලු තිබෙන නිසා ධනුෂ්කට වැයවූ සියලු නඩු ගාස්තු ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත්කරන ලෙස එරට අධිකරණය සිඩ්නි පොලිසියට නියෝග කර තිබේ.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩුව ගොනුකරන විට පොලිසිය වගකීම් විරහිතව ක්‍රියාකර ඇතැයි ද අදාළ තීන්දුව දෙමින් විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත.
ඔස්ටේ්රලියාවේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවකගේ කැමැත්තකින් තොරව ඇය සමග ක්ෂණික ලෙස ලිංගිකව හැසිරී ඇතැයි කියමින් ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණ.
ඒ අනුව එරට අධිකරණයේ විභාග වූ නඩුවට අනුව අදාළ චෝදනාවට ධනුෂ්ක වරදකරු නොවන බවට අධිකරණය තීන්දු කළේය.

