ක්‍රීඩා ඇමතිගෙන් එක්ස් ගිණුමේ සටහනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ක්‍රීඩා ඇමති අද(12) අත්සන් කළා.
ඒ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එක්ස් ගිණුමේ සටහනක් තබමින්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද ලිඛිතව දන්වා යවා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද අදාළ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා විමසීමක් සිදු කර ඇති බව හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.

