කාසල්රියෙන් ජල විදුලිය උපරිමයට

කාසල්රියෙන් ජල විදුලිය උපරිමයට

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.

ඒ අනුව කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණිමත් සමඟ විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් සඳහන් කළා.

COMMENTS