පුද්ගලයන් 42ක් අත්අඩංගුවට

පුද්ගලයන් 42ක් අත්අඩංගුවට

කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මතයි.

මේ සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 156ක්, යුද හමුදා සෙබළුන් 154 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 16 දෙනෙකු එක් වුණා.

එම විශේෂ මෙහෙයුම අද (17) අලුයම සිදු කළ අතර, ඒ සඳහා ඩ්‍රෝන යානා සහ පොලිස් නිල සුනඛයින් ද දායක කර ගැණුනා.

මෙහෙයුම අධීක්ෂණය කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සහභාගී වී සිටීම විශේෂත්වයක්.

නිවාස සංකීර්ණයේ නිවාස 165ක පුද්ගලයින් 625 දෙනෙකු පරීක්ෂාවට ලක් තළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

පොලීසිය පැවසුවේ ඉන් 42 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් 42න් 25 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් 17 දෙනා සතු ව තිබී හෙරොයින්, අයිස්, ගංජා සහ මත්පෙති සොයා ගෙන ඇත.

මීට අමතරව තියුණු ආයුධ සහ කඩු කිහිපයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

COMMENTS