වැස්ස තවදුරටත් – කාලගුණ නිවේදනය

වැස්ස තවදුරටත් – කාලගුණ නිවේදනය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

අද පස්වරුවේ එම නිවේදනය ඉදිරි පැය 36ට අදාළව නිකුත් කළා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

නිල්වලා ගංගාව ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව සඳහා මීට පෙර නිකුත් කර තිබූ ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව සහ පහත්බිම් ආශ්‍රිත මාර්ගවල ගමන්ගන්නා රථවාහනවල රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඟංවතුර තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.