කාසල්රියෙන් ජල විදුලිය උපරිමයට

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.
ඒ අනුව කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණිමත් සමඟ විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් සඳහන් කළා.

