නායයෑමේ අවදානම තවදුරටත්

නායයෑමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක10ක් සඳහා පනවා ඇති නායයෑමේ අවදානම අද (17) පස්වරුව දක්වා ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ බදුල්ල, මාතලේ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික්වලට මෙම නායයෑමේ අවදානම නිකුත් කළ බවයි.

උතුර පළාතට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් රැසක් පීඩාවට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවුල් 2,142කට අයත් පුද්ගලයින් 6,719 මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කිරීම නිසා පහත් බිම් යටවීමෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට පවුල් 1,245කට අයත් පුද්ගලයින් 3,959 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

COMMENTS