බංග්ලාදේශය ආසියානු කුසලානය ගෙනියයි

බංග්ලාදේශය ආසියානු කුසලානය ගෙනියයි

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය බංග්ලාදේශය දිනාගත්තා.

බංග්ලාදේශ යෞවන කණ්ඩායම කුසලානය දිනාගත්තේ අවසන් තරඟයේ දී UAE කණ්ඩායම ලකුණු 195ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජය කරමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යෞවන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස්කළා.

Ashiqur Rahman Shibli පන්දු 149කදී හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමඟ ලකුණු 129ක් රැස්කළා.

පන්දු යැවීමේ දී UAE කණ්ඩායම වෙනුවෙන් Ayman Ahamed ලකුණු 52කට කඩුලු 4ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ UAE කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5ක දී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 87යි.

Rohanat Doullah Borson සහ Maruf Mridha කඩුලු 3 බැඟින් දවාගත්තා.

Sheikh Paevez Jibon සහ Iqbal Hossain Emon කඩුලු 2 බැඟින් දවාගැනීමට සමත්වුණා.

COMMENTS