බදු මල්ලට 2024 දී දේපළ බද්දත්

2024 වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බවර් මහතා සඳහන් කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) වාර්තා කළා.
ඒ 2025 වන විට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමටයි.
රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතු වන අතර, අනතුරුව ඒ සඳහා බදු අයකළ යුතු බව ද ඔහු සඳහන් කළ බව වාර්තා වෙනවා.
බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීම ද අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණය කර තිබෙනවා.
BBC වාර්තාවේ සඳහන් වන්නේ මූල්‍ය අරමුදල මෙලෙස නිර්දේශ කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති බැවින් බවයි.
මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක විස්තීර්ණ ණය මුදලින් මේ වන විට වාරික දෙකක දී ඩොලර් මිලියන 670ක් ලබා දී තිබෙනවා.
ඉදිරි ණය වාරික අනුමත කිරීමට පෙර ලබන මාර්තු අප්‍රේල් අතර මීළඟ සමාලෝචනය සිදු කිරීමට නියමිතයි.

