භාවිතයට නොගන්නා ඉඩම් වලට වෙනදේ

භාවිතයට නොගන්නා ඉඩම් වලට වෙනදේ

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයට නොගන්නා ඉඩම් අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරින්ට උපදෙස් දුන්නා.

බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

රැස්වීමට බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මැතිඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් එක්වුණා.

2024 වසරේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා විමසා තිබෙනවා.

රැස්සංවීමේ දී සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මතු වූ ගැටලු කිහිපයකට ජනාධිපතිවරයා විසඳුම් ලබාදුන්නා.

COMMENTS