ව්‍යාපාරිකයන්ට සුබ නිවේදනය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබාදීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි.
අර්බුදයෙන් හිස ඔසවමින් සිටින අවස්ථාවේ දී මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්රමුඛ කාර්යකොට සලකන බවයි.
2024 අයවැය මඟින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන, ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බව නිවේදනයෙ සඳහන් කර තිබෙනවා.
කොවිඩ් වසංගතයේ සිට මේ දක්වා අදාළ ව්‍යවසාය වෙනුවෙන් කාරක ප්රාග්ධනය ලබාදීම ඇතුළු විවිධ සහන යෝජනා ක්‍රම 11ක් ක්‍රියාත්මක කර ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්.

