විපක්ෂ නායක කතා කරයි

විපක්ෂ නායක කතා කරයි

ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැඟිටිමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ පිළිබඳව සඳහන් කළ‍ෙ බියගම ආසනයේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

සමගි ජන බලවේගය රට බාර ගන්නේ ජනතා වරමින් පමණක් බවත් විපක්ෂ නායකවරයා එහි දී සඳහන් කළා.

සමඟි ජන බලවේගය සෙසු පක්ෂ මෙන් නාලිකාවලට පැමිණ ෆයිල් පෙන්වා බොරු සෝබන නොපෙන්වන බවත්, සමඟි ජන බලවේගය සෑම විටම ප්‍රායෝගිකව රට බංකොලොත් කළ පිරිස නීතිය හමුවේ ඔප්පු කර අවසන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රටේ බංකොලොත්භාවය තුළ දුප්පත්කම ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වි ඇති මොහොතක දුප්පත් ජනතාවට සහන සලසන්න විධිමත් වැඩසටහනක් නොමැති බව විපක්ෂ නායකවරයා ප්‍රකශ කළා.

සමඟි ජන බලවේග රජයක් තුළ තරුණයන්ට, කාන්තාවන්ට බලය ලබා දී තීන්දු තීරණ ගැනීමේ අයිතිය ලබා දෙන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ අධ්‍යාපනය පවා මුල් ළමා වියේ සිටම දියුණු විය යුතු බවයි.

COMMENTS