සොඳුර අත්අඩංගුවට

‘සොඳුර’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වල්ලම්පිටිය සහ මුල්ලේරියාව ප්‍රදේශවල පිහිටි නිවාසවලට සහ වෙළෙඳසැල් වෙත ඇතුළු වී භාණ්ඩ සොරකමේ නිරත වූ අයෙක්.
ඔහු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන, අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්.
පොලීසිය සඳහන් කළේ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5847ක් සමඟ කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ත් බවයි.
සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මෙම භාණ්ඩ සොරකම් පිළිබඳව හෙළිවී තිබෙනවා.
සැකකරු ලඟ තිබී ලක්ෂ 8කට ආසන්න භාණ්ඩ තොඟයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇති අතර, රන් ආභරණ, විදුලි උපකරණ සහ බර ඔසවන ජැක් දෙකක් ඒ අතර ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

