මිල්කෝ සභාපති ජනක

මිල්කෝ සභාපති ජනක

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්තිට පවරා ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති ද දින (18) මිල්කෝ සමාගමේ සභාපති ධුරයේද වැඩ කටයුතු ආරම්භ කළා.

COMMENTS