ජනපති ඉල්ලන දේ

වඟකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන අමතමින්.
මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.
එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසුවා.
ජනාධිපති වැඩිදුරටත් පෙන්වා දුන්නේ වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවයි.

