හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (18) ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඔහු තුන්වන වතාවටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණ තිබුණා.
පසුගිය 30 වනදා දෙවනවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටත්ව ගොස් තිබුණා.

