ජනාධිපති මාධ්‍ය අංශයෙන් උ.පෙ. සිසුන්ට නිවේදනයක්

ජනාධිපති මාධ්‍ය අංශයෙන් උ.පෙ. සිසුන්ට නිවේදනයක්

ජනපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මේ වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ වැඩසටහනෙන් පාසල් වෙත අයදුම්පත් භාර ගැනීමට ලබා දී තිබූ කාලය අනිද්දා (22) දිනයෙන් අවසන්.

එම නිවේදනයට අනුව දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50 බැඟින් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව සිසුන් 5000ක් සඳහා මසකට රුපියල් 6000 බැඟින් ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

අයදුම්පත් භාර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කිරීමක්ට සිදු නොවන නිසා අනිද්දා (22) දිනට පෙර එම අයදුම්පත්‍ර භාරදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

COMMENTS