නීතිපති දෙපාර්තමේන්තුව හෙල්ලූ විගණන වාර්තාව

ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 30කට වැඩි හිඟ ආදායමක් 2022 වසරේ දෙසැම්බර් මස 31 වන විට අයකරගැනීම පැහැර හැර ඇති බව වාර්තා වෙනවා.
එම ආදායම් අය කර ගැනීමට ප්රමාණවත් ක්රියාමාර්ග ගෙන නොතිබූ බව ද එම වාර්තාවේ සඳහන්.
වසර 10කට වැඩි කාලයකට හිඟ ආදායම් ලෙස රුපියල් කෝටි 09කට වැඩි මුදලක්
වසර 07 සිට 09 දක්වා කාලයකට කෝටි 04කට වැඩි මුදලක්
වසර 04 සිට 06 දක්වා කාලයකට කෝටි 03කට වැඩි මුදලක්
වසර 01 සිට 03 දක්වා කාලයකට කෝටි 07කට ආසන්න මුදලක් අයකරගෙන නෑ.
නීතිපති දෙපාර්තමේන්තුව රාජ්ය සංස්ථා මණ්ඩල, පළාත් සභා සහ බැංකු යනාදී ආයතන 13කින් 2005 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අඛණ්ඩව කෝටි 17ක හිඟ ආදායමක් අය කරගෙන නොතිබූ බව ද වාර්තා වෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව තුළ මෙම තොරතුරු සඳහන්.

