ලබන වසරේ සුඛෝපභෝගී මගී නෞකා 35ක් කොළඹ වරායට

ලබන වසරේ මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
එබැවින් දැනට තිබෙන මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැතිවීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරනායක තටාකයේ පිහිටි ජැටිය යොදාගැනීමටයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තීරණය කර ඇත්තේ.
එහි සංවර්ධන කටයුතු සිදුකරන තෙක් පැරණි මගී පර්යන්තයේ සහ ඒ අසළ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටත්, අවන්හල් සහ වෙළඳ භාණ්ඩ අලෙවිසැල් පවත්වා ගෙන යෑමට මෙන්ම අනෙකුත් පහසුකම් සැපයීමට වරාය අධිකාරිය ක්ෂණික වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.

