පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහනයක්

පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහනයක්

2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු‍ විසදීමට පත් කළ කමිටුව වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලැබී ඇති බව සඳහන්.

එම නිර්දේශ මත පදනම්ව ඊට අනුබද්ධිත කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා විෂයභාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

COMMENTS