මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලක්ෂ 680ක් පමණ වටිනා වාහන වලට සිදු වූ දේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලක්ෂ 680ක් පමණ වටිනා වාහන වලට සිදු වූ දේ

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ වාහන 9ක් භාරයට ගෙන තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා

එම වාහනවල වටිනාකම ලක්ෂ 680ක් පමණ වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණෙන් බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ පරීක්ෂා කිරීම ඊයේ අලුයම් කාලයේදී සිදුකෙරුණා

බේරුවල, පයාගල, අලුත්ගම, වැලිපැන්න යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා කටුකුරුන්ද පුහුණු කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්ව සිටියා.

COMMENTS