සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යෑමේ අවදානමක්

සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන්ට දැනට හිමිවන සියයට 2.75 ක කොමිස් මුදල සහ සියයට 5 ක මාසික බෙදුම්කාර ගාස්තුවක් අලුතින් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇති බවත් ලබන 25 වැනිදාට පෙර එම මුදල නොගෙවන්නේ නම් එදින සිට ඉන්ධනහල්වලට තෙල් නිකුත් නොකරන්නේ යැයි ලිඛිතවම දන්වා ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය (ඉන්ධන හල් හිමියෝ) පවසති.
ඉන්ධන පිරිවුම්හල්වල කොමිස් මුදලින් සියයට 0.25 ක් මාසික පරිහරණ ගාස්තුවක් දැනටමත් සංස්ථාව අයකරගන්නා බවත් ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවයි ඔවුන් කියා සිටින්නේ.

