“යුක්තිය” මෙහෙයුම තාවකාලිකව නවත්වයි

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
ඒ අනුව අද සිට 26 වැනිදා දක්වා දින තුනක් ‘යුක්තිය’ මෙහෙයුම අත්හිටුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව වැඩි දුරටත් පැවසිය.

