දහම් පාසල් අවසාන විභාගය ගැන දැනුම්දීමක්

දහම් පාසල් අවසාන විභාගය ගැන දැනුම්දීමක්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත් වේ.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

ප්‍රවේශ පත්‍ර නොලද අපේක්ෂකයින්, දහම් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස පහත සඳහන් සබැඳිය හරහා ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැකිය.

COMMENTS