දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 330 ඉක්මවයි

දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 330 ඉක්මවයි

ගත වූ මාසය තුළ මෙරටින් වාර්තාවන දෛනික ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කළේ, ගත වූ දින 25 තුළ ඩෙංගු රෝගීන් 8728ක් වාර්තා වී ඇති බවයි.

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85,216 කි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

එම සංඛ්‍යාව 38,986 කි.

ගත වූ කාල සීමාවේ ඩෙංගු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50කි.

COMMENTS