2024 මිල වෙනස්වන ගෑස් සහ ඉන්ධන

2024 මිල වෙනස්වන ගෑස් සහ ඉන්ධන

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවක දී ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් පැහැදිළි කළා.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසුවේ ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට VAT බද්ද ක්‍රියාත්මක බවයි.

ඉන්ධන සහ ගෑස් සඳහා VAT බද්ද ක්‍රියාත්මක කිරීමේ දී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේ දී එම බද්දෙන් සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වේ.

ගෑස් සඳහා සියයට 18ක VAT බද්ද ක්‍රියාත්මක කිරීමේ දී එම බද්දෙන් ඉන් සියයට 2.5ක වූ වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත්වේ.