රටම කම්පා කරමින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

රටම කම්පා කරමින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය වැළඳී අද (29) මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වන අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්.

ශ්වසන ආබාධයක් හේතුවෙන් අදාළ කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇයට කොරෝනා වැළදි ඇති බවයි.

COMMENTS