වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්

වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් ලබන වසරේ ජනවාරි 1 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටියේ සිය මධ්‍යම කාරක සභාවද ඊට ඒකමතිකව අනුමැතිය ලබා දී ඇති බවයි.

