දුරකථන සේවා ගාස්තුවත් ඉහළයයි

මේ වන විට වැට් බදු සංශෝධනය සඳහා රජය ගත් පියවරත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව අදාළ දුරකථන සමාගම් පවසා තිබෙනවා.
මේ හේතුවෙන් සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසා ඇති බවයි වාර්තා වන්නේ.

