නව වසරේ නිවාස දස දහසක්

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේ 2024 වසර තුළ කොළඹ නඟරය ආශ්‍රිතව නිවාස දස දහසක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.
නිවාස 6,500ක් අඩු ආදායම්ලාභී ජනතාව සඳහා ඉදිකරන අතර, නිවාස 3,500 මධ්‍යම පාන්තිකයින්ට ලබාදීමට නියමිතයි.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ නිවාස ව්‍යාපෘති 11ක් මේ සඳහා සැළසුම් කර ඇති අතර, ඉන් නිවාස ව්‍යාපෘති 6ක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක බවයි.

