බස් ගාස්තු ඉහළ යන ලකුණු

ක්‍රියාත්මක කිරීමට යෝජිත 18%ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු 15%ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ගක සඳහන් වෙනවා.
මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බවයි වාර්තා වෙනවා.
සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කරන්නේ බස් ගාස්තු වැඩි කිරීමේ දී ඉන්ධන මිල පමණක් අදාළ කර නොගනිමින් සෙසු නිර්ණායක 11ද සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව බස් ගාස්තුව 15% ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවෙනු ඇති බවයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය බස්වලට අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල්, ටියුබ් ඇතුළු අමතර උපාංග සඳහා වන වියදම, බස් හිමියන් වාර්ෂිකව ගෙවන බලපත්‍ර ගාස්තු, සේවක වැටුප් සඳහා වන වියදම් ඇතුළු නිර්ණායක දොළහක් සැලකිල්ලට ගෙන සිදු කරන බවත් වැට් බදු ඉහළ නැංවීමෙන් අමතර උපාංග සඳහා අධික පිරිවැයක් දැරීමට බස් හිමියන්ට සිදුවන බවත් ඔහු සඳහන් කරනවා.

