බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද දිවයිනට

බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද දිවයිනට

තවත් බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට අද දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එලෙස ආනයනය කරන බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.

උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාමත් සමග ඉන්දියාවෙන් අඛණ්ඩව බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා පියවර ගත්තා.

ඒ අනුව අවස්ථා දෙකකදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කෙරුණු අතර තවත් බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවීමට නියමිතයි.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේ එම බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර ලබන වසර අවසානය වන විට බිත්තර සහ කුකුළු මස් මිලෙහි අඩුවක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

COMMENTS