රුසියාවට – දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම්

රුසියාවට – දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියාවේ පැසිෆික් මුහුදු තීරයේ ජපානයට ආසන්නව පිහිටා ඇති Sakhalin දිවයිනේ බටහිර වෙරළ තීරයේ සහ Primorsk සහ Khabarovsk යන කලාපවලටද මෙම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවට සඳහන්.

දකුණු කොරියාව විසින් නැගෙනහිර වෙරළබඩ නගරවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මුහුදු මට්ටමේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසයි.

http://tinyurl.com/bddy4t3p

COMMENTS