ජපානයට සුනාමි

සුනාමි අනතුරු ඇගවීමෙන් පසුව ජපානයට පළමු සුනාමි රළ කඩා වැදී තිබෙනවා.
ජපානයේ ටොයාමා ප්‍රාන්තයේ ටොයාමා නගරයට එම සුනාමි රළ ඇතුළු වී ඇති අතර, එහි උස මීටර 1.2ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ජපානයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයක භූ කම්පනයෙන් පසු එරට කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළා.
ඒ ජපානයේ ඉෂිකාවා,නීගටා සහ ටොයාමා ප්‍රාන්තවල වෙරළබඩ ප්රදේශවලටයි.
ඉෂිකාවා ප්‍රාන්තයට මීටර් 5ක් දක්වා උස මුහුදු රළක් කඩා වදිනු ඇති බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ.
එමෙන්ම එම ප්‍රදේශයේ නිවාස 32,500කට මේ වන විට විදුලි බලය ද ඇණහිට තිබෙනවා.

