රේගුවට ඉතිහාසයේ වාර්තාගත ආදායමක්

රේගුව විසින් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම උපයා ගැනීමට පසුගිය වසරේ සමත් වී තිබෙනවා.
එය රුපියල් බිලියන 970 ක් බවයි රේගු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මීට පෙර උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේදී වාර්තා වී ඇති අතර එය රුපියල් බිලියන 923ක්.
මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසරට අදාළව රේගුවට රුපියල් බිලියන 1217ක ආදායම් ඉලක්කයක් ලබා දී තිබුණා.
කෙසේ වෙතත් ආනයන සීමා සැලකිල්ලට ගෙන එම ඉලක්කය රුපියල් බිලියන 893 දක්වා සංශෝධනය කිරීමටයි රජය පියවර ගත්තේ.

