ෂාන් විජයලාල් සජිත් පිල සමඟ එක්වෙයි

ෂාන් විජයලාල් සජිත් පිල සමඟ එක්වෙයි

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා අද (01) සමගි ජන බලවේගයට එක් වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වීමෙන් අනතුරුව ඔහු එම පක්ෂය හා සම්බන්ධ වී ඇත.

අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ෂාන් විජයලාල් ද සිල්වා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කරනු ලැබ තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ශාන් විජයලාල් ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකි.

COMMENTS