වත්තල පාසලකින් මතු වූ ටී – 56 ගිනි අවිය

වත්තල ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ ක්‍රීඩා කාමරයක තිබී ගනේමුල්ල සංජීවට අයත් යැයි සැක සහිත ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඔහුට අයත් බව සැලකෙන ටී 56 ගිනි අවියක්, මැගසින් 04ක් සහ මිලිමීටර් 09 පතොරම් 18ක් මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.
ආයුධ සමඟ අදාළ ක්‍රිකට් පුහුණුකරුවා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

