ඔන්ලයින් පනතේ ඇති අනතුර තේරුම් ගතයුතුයි

ඔන්ලයින් පනතේ ඇති අනතුර තේරුම් ගතයුතුයි

ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ඇති අනතුර තේරුම් ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (1) පැවසීය.

ඔන්ලයින් පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී බුද්ධත්වය ආරෝපණය කරපු චරිත තුන හතරක් එකවර එළියට පැමිණි බවත් ඔන්ලයින් පනතේ ඇති අකාරුණිකභාවයන් වෙනුවට සමාජ සාකච්ඡාව පහළ වූ බුදුවරු කියාගන්නා උන්මත්තයන් දෙසට ගිය බවත් ඒ මහතා කීය.

එවැනි තත්වයක් තිබියදී මේ පනත් සියල්ලම සම්මත කරගත් බව කී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කොමිෂන් සභා ජනාධිපතිවරයා පත්කිරීමට පිළිගත නොහැකි බව ද වැඩි දුරටත් සඳහන් කළේය.