විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු

බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න ඊයේ (1) පැවසීය.
ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ගැමුණු විජේරත්න කීය.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

