විජේ ගෙන් අලුත් පක්ෂයක්

සිය ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව රංගන ශිල්පී තලපති විජේ නිවේදනය කර තිබෙනවා.
ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.
මේ අනුව විජය ජනතා ව්‍යාපාරය “තමිළක වෙට්‍රි කසාගම්” නමින් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.
විජය ජනතා ව්‍යාපාරය සුබසාධන වැඩසටහන්, සමාජ සේවා සහ සහනාධාර රැසක් කරමින් සිටින අතරවාරයේ සම්පූර්ණ සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඇති කිරීමට දේශපාලන බලය අවශ්‍ය බවයි ඔහු එම සටහනේ සඳහන් කර ඇත්තේ.

