අධිකරණයට ප්‍රකාශයක් දීම අනවශ්‍යයි – මෛත්‍රී

අධිකරණයට ප්‍රකාශයක් දීම අනවශ්‍යයි – මෛත්‍රී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත අද (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ.

හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ බව දැනුම්දී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව පෙන්වාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම සිදුකර තිබේ.

COMMENTS