ජූලි 17න් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කියයි

ජූලි 17න් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කියයි

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ එම කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි මස 17 වනදාට පසු ප්‍රකාශයට පත් කරන බවයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝම්බර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිසන් සභාව පසුගියදා නිවේදනය කළා.

COMMENTS