WWE පිටියට සමුදෙන ජෝන් සීනා

වසර 22කට ආසන්න කාළයක් ලොව පුරා ක්‍රීඩා ලෝලින් අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා සිය වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.
2002 වසරේදී WWE පිටියට අවතීර්ණ වූ මේ සුපිරි ක්‍රීඩකයා ලබන වසරේදී තමන් සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව අද (07) නිවේදනය කළා.
16 වරක් ලෝක WWE ශූරතාව දිනූ ජෝන් සීනා මේ වන විට 47වැනි වියේ පසුවනවා.

