ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරන පිරිසක් ගැන CIDයට පැමිණිල්ලක්

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරන පිරිසක් ගැන CIDයට පැමිණිල්ලක්

ඉන්ධන බෙදා හරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය අඩපන කරමින් රජය අපහසුතාවට පත් කිරිමේ උත්සහයක නිරත වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

සාමාන්‍ය ජන ජිවිතය කඩාකප්පල් කිරීම හා අස්ථාවරත්වයක් ඇති කරමින් මහජන පීඩාවන් ඇති කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය අවධාරණය කරන්නේ.

COMMENTS